'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.
Followers
සෙරෙප්පුව
නැවත ඉපදීම
"නැවත ඉපදීම" මේ තියෙන්නෙ අපේ ගෙදර තිබ්බ කූඩලු ගස් වල දෙවෙනි පරම්පරාව. ..ඒක නිසයි නැවත ඉපදීම කියලා නම දැම්මේ.පහුගිය දවස්වල තිබ්බ පෑවිල්ලත් එක්ක ඔක්කොම ගස්ටික මැරිල ගියා. මේ ගසුත් හරිට අපේ ජීවිත වගේ අතු මල් දරලා කාලයක් පුරාව/ටම ලස්සනට ජීවත් වෙනවා කාලයත් එක්කම ඒ හැමදේටම සමුදීලා යන්න යන්නවා මතකය ඇරෙන්න කිසිම දෙයක් ඉතුරු නොකර.. ., පරණ පරම්පරාවෙ මතකයන් දිගේ නැකිටින අලුත් පරම්පාරාව තමයි මේ......
ගොටුකොළ
අපේ අම්මගේ පුංචි ගොටුකොළ වගාවට ඉර පායන විදිහ තමයි මේ තියෙන්නෙ. ලපටි ගොටුකොළ කොළ අතරෙන් ඉර එලිය වැටෙන කොට හරිම ලස්සනයි.අපිම හිටවපු පැලයක් ලස්සනට හැදෙනව දකින කොට හිතට එන්නෙ හරිම සතුටක්.
හෝටන් තැන්න
හෝටන් තැන්නේදී දැකපු ලස්සන දර්ශනයක් තමයි මේ. හෝටන් තැන්න කියන්නේ පුදුම ලස්සන තැනක්, ලස්සනටත් වැඩිය මෙතන තියන නිහඩ හුදක්ලාව ගැන නම් කියලා වැඩක් නෑ ඒක විඳලම බලන්න ඕන.... .හරිම නිහඩ පරිසරයක්. නියම පිරිසිදු වාතය ටිකක් හුස්ම ගන්න නම් මේ වගේ තැනකට එන්නම ඕන....... .හිතට දැනෙන නිදහස මේ පරිසරයෙන් මවන පුදුම හැගීමක්. ගමන ගොඩක් දුෂ්කරයි. කිලෝ මීටර් 10 විතර පයින් යන්න තියනවා යන්න හරියට පාර්ක් නෑ , ඒ උනාට මේ පරිසරයේ තියෙන්නෙ පුදුම බලයක් ලොකු මහන්සියක් නැතුව මේ ගමන යන්න පුලුවන්. මේ නොයිදුල් පොලවත් පිරිසිදු හුලඟත් විඳගෙන යන මේ ගමනේ සුන්දර බව විඳගන්නම ඕනෙ දෙයක්.
කටු
දුන්හිඳ ඇල්ල 2
දුන්හිඳ ඇල්ල
රේනු
අත්ත
හෝටන් තැන්නේදී තමයි මේ ගහ දැක්කේ , හෝටන් තැන්න කියන්නෙ අමුතුම පරිසර පද්දතියක්. අපි හෝටන් තැන්නට එනකොට මුලු පරිසරයම මීදුමෙන් වැහිලා පුදුම සීතලක් තිබ්බේ. ගොඩක් මීදුම වැඩි නිසා ලොකු ගස් වල මීදුම වැදිලා වැස්සක් වහිනවා වගේ. සීතල ගැනනම් කියලා වඩක් නෑ. ටික දුරක් යනකොට මීදුම මුකුත්ම නෑ පරිසරේ සම්පූර්ණම වෙනස්.
Subscribe to:
Posts (Atom)
Copyright © 2013 ලෝවනය and Blogger Templates
1 comments:
ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...