'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

|අපි ගැන|

~ලෝවනය~
"විද්‍යුත් අවකාශයේ රූපමය මතකය"
--------------------------------------------------
                     සිංහල බ්ලොග් අවකාශයේ වෙනසකටත් එක්ක පටන්ගත්ත පුංචි උත්සාහයක් තමයි "ලෝවනය" කියන්නේ. ගොඩාක් කල් ඉඳලා බ්ලොග් එකක් කරන්න ආසාව තිබ්බත් ඒකට හොඳ මාතෘකාවක් තිබුනේ නෑ. කාලෙන් කාලෙට ඔලුවට එන දේවලුත් වෙනස් වෙනවනේ... ඉතින් ඒ වගේ මටත් හැදුනා කැමරා පිස්සුවක්...! පිස්සුවක් කිව්වේ, කැමරාවක් පාවිච්චි කරල බලන්න ආසාවක්... ඒ වෙද්දි මම කැමරාවක් ගැන මෙලෝ දෙයක් දැනගෙන හිටියේ නෑ. ඩිජිටල් කැමරාවක් පාවිච්චි කරලවත් තිබ්බෙ නෑ. හිතුනා ගන්න ඕන කියල කැමරාවක් . කැමරා ගැන කිසිම දෙයක් දැනගෙන හිටියෙ නැති නිසා "Youtube" හොයලා බලලා කැමරා ගැන ටිකක් ඉගෙන ගත්තා. අතේ තිබ්බ සල්ලි ගනට ගන්න පුලුවන් හොඳම කැමරාව කියල හිතුනේ Fujifilm finepix s3300 මේ කැමරා එක.​... ඉතින් ඒක ගත්තා. ටික ටික කැමරාව ගැන ඉගෙන ගන්න කොට Photography වලට ගොඩක් ආස හිතුනා. ඇත්තටම මේක මට වෙනස්ම අත්දැකීමක්, වෙනස් විදිහට හිතන්න හොඳ අවස්ථාවක් වුනා. ගෙදර මිදුලෙන් පටන් ගත්ත පින්තූර ගැනිල්ල දැන් මගේ විනෝදාංශයම වෙලා...


" ලෝවන" කියලා කියන්නෙ "ඇසට" කියන සමාන වචනයක්. එහෙම කිවුවේ, නැත්තන් හිතෙන්නේ මේ නමේ කිසිම තේරුමක් නෑ කියලනේ. දැනට නම් මේ බ්ලොග් එකේ ගොඩක් පින්තූර නෑ... ගොඩක් වටින පින්තූරත් නෑ... ඒ උනාට මගේ අදහස තියෙන්නෙ අපේ රට ගැන, අපේ රටේ තියන ලස්සන තැන් ගැන රූපමය මතකයක් මේ අන්තර්ජාල අවකාශයට එකතු කරන්‍නයි. අපි අන්තර්ජාලයෙන් මුලු ලෝකය ගැනම හොයනවා. ඒ උනාට අපේ රටේ දේවල් ගැන, අපේ රට ගැන හොයන්න ගියාම තියෙන්නෙ කොච්චර පොඩි විස්තර ටිකක් ද​ ? හොඳ තත්ත්වයේ තියන පින්තූරයක් හොයා ගන්නව කියන එක හරිම අමාරු වැඩක්. ඉතින් මට ලොකු දෙයක් කරන්න බැරි උනත් පුලුවන් විදිහට මගේ ඇහැට වදින ලස්සන දේවල් අපි හැමෝම එක්ක බෙදා ගන්න හදන පුංචි උත්සහයක් තමයි "ලෝවනය​.""""................................................


                          සොබාදහම අපි හැමෝටම පොදු දෙයක්. අපි හැමෝටම සමානව තමයි සලකන්නේ. ඉතින් මම මේ පින්තූර ගත්තා කියලා මට ඒවායේ කිසිම අයිතියක් නෑ. මොකද, ඒවා අයිති සොබාදහමට නිසා. ඒ නිසා මේ අඩවියේ තියන ඕනෑම පින්තූරයක් ඕනෑම කෙනෙක් තමන්ගේ අවශ්‍යතා වලට ගත්තට කිසිම වරදක් නෑ. මොකද ඔබ එහෙම ප්‍රයෝජනයක් ගත්තා නම් ඒක තමා මගේ මහන්සියේ සාර්ථකත්වය වෙන්නේ...


                   මම හිතන්නේ නෑ "ලෝවනය" තනියෙම මට විතරක් කරන්න පුලුවන් වැඩක් කියලා. මොකද මේ වැඩේ විශාල පරාසයක් ඇති වැඩක්. ඉතින් මම කැමතියි ලෝවනය සඳහා ඔබ හැමදෙනාවම හවුල් කරගන්න​. ඔබත් මේ වගේ දේවල් වලට ආසාවක් තියෙනවා නම්, ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙන කෙනෙක් නම් එකතු වෙන්න ලෝවනය එක්ක​.. ඔබේ ඡායාරූප ඔබේ අනන්‍යතාවයත් එක්ක අපිට එවන්න....






~නිලංග සංජීව​~