මෙයාව දැක්කේ දක්‍ෂිණ අධිවේගී මාර්ගයට පිහිටෙන් අපේ ගමට ඉතුරුවෙච්ච එකම වෙල් යායේ ඉඳලා, අපේ ගම එච්චර ලස්සන ගමක් නොවුනත් ගම්බද පෙනුමක් තිබ්බා. අධිවේගී මාර්ගයත් එක්ක ඒ පෙනුම සම්පූර්ණම වෙනස් උනා. මාර්ගය හරහා ගම දෙකට බෙදුනා. ලොකු ඇල, දොල, ගංඟා නොතිබ්බත් වෙලේ මැදින් ගලාගෙන ගිය මහා දෙපාවත්
වෙලේ කොනකට වෙන්න තිබ්බ පුංචි දෙපාවත් අපිට අපේ පුංචි කාලේ ලස්සනම සිරිය මැවුවා. දැන් ඒ කිසිම දෙයක් නෑ, මහා කොන්ක්‍රීට් යෝධයෙක් අපේ ගම දෙකට බෙදලා.
මෙයා මේ කරන්නේ මොනවද කියලනම් මම දන්නෙ නැ, වාහනේ යනගමන් තමයි මෙයාව දැකලා මේ පින්තූරේ ගත්තේ.
lowanaya sri lanakan photography blog, sri lankan macro photography
www.lowanaya.blogspot.com




nice
ReplyDelete