'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

කොකා

                                      මෙයාව දැක්කේ දක්‍ෂිණ අධිවේගී මාර්ගයට පිහිටෙන් අපේ ගමට ඉතුරුවෙච්ච එකම වෙල් යායේ ඉඳලා, අපේ ගම එච්චර ලස්සන ගමක් නොවුනත් ගම්බද  පෙනුමක් තිබ්බා. අධිවේගී මාර්ගයත් එක්ක ඒ පෙනුම සම්පූර්ණම වෙනස් උනා. මාර්ගය හරහා ගම දෙකට බෙදුනා. ලොකු ඇල​, දොල​, ගංඟා නොතිබ්බත් වෙලේ මැදින් ගලාගෙන ගිය මහා දෙපාවත්  වෙලේ කොනකට​ වෙන්න තිබ්බ පුංචි දෙපාවත් අපිට අපේ පුංචි කාලේ ලස්සනම සිරිය මැවුවා. දැන් ඒ කිසිම දෙයක් නෑ, මහා කොන්ක්‍රීට් යෝධයෙක් අපේ ගම දෙකට බෙදලා. 
                          මෙයා මේ කරන්නේ මොනවද කියලනම් මම දන්නෙ නැ, වාහනේ යනගමන් තමයි මෙයාව දැකලා  මේ පින්තූරේ ගත්තේ.
lowanaya sri lanakan photography blog, sri lankan macro photography
Camera Fujifilm Finfix HS20 EXR
www.lowanaya.blogspot.com

1 comment:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...