'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

සිද්ධාලේප නාන තටාකය



මේ වාද්දුවෙ සිද්ධාලේප ආයුර්වේධ නිකේතනය. Home Comming එකක් තිබුන නිසා ගියේ.කොහොම හරි මේ නාන තටාකෙට බහින්න දෙන්නේ මේක ලගින උන්ට විතරයි.ඒ කියන්නෙ සුද්දන්ට.ඇතුල් වෙන්නත් බෑ.කොහොම හරි ඒකත් හොදට ගියා.මේක මං ගත්තේ එතන තිබුන ගස් හෙවනේ ඉඳන්.Pool එක හරිය එලියයි.මේක Colors වල අමුතු ගතියක් තියෙනව.මන් තව ටිකක් මේ ක්‍රමය Try කරල බැලුව.වැඩේ Quality.අපේ කැමෙරවට Direct එලියක් වටෙන්නෙ නැත්නම් ඒකෙන් ගන්න පින්තුරෙත් Colors මාර ගති.Zoom කරපු නිසා පොඩ්ඩක් Quality අඩු උනා.මේකෙ Theory එකක් ඇති.මේ බ්ලොග් එකේ Admin ( NIlanga )ගෙන් තමයි අහල දැනගන්න වෙන්නේ.

2 comments:

  1. අලෝකය කෙලින්ම වස්තුවකට වැටෙන කොට ඒ අලෝය නිසා සෙවනැලි ඇති වෙනවා පින්තූරක් ගන්නකොට ඒ සෙවනැලි ඔක්කොම කලු පාටට තමා පේන්නේ. ඒ නිසා පින්තූරයේ අඳුරු තැන් වැඩි වෙනවා. නමුත් ආලෝකය පරාවර්ථනය වෙලා වැටෙන කොට ඒ ආලෝකයේ තියෙන සුමට හා විසිරුනු බව නිසා සෙවනැලි ඇති වීම ගොඩක් අඩුයි. පින්තූරයට අමුතුම ලස්සනක් එතකොට ලැබෙනවා. Studio එකේදී කෘතිම ආලෝකය ලබා දෙනකොට දැකලා ඇතිනේද කුඩයකට ආලෝකය ලබා දී එඉන් පරාවර්ථනය වෙන ආලෝකයෙන් තමයි පින්තූරේ ගන්නේ. සමාන්තර ආලෝක කිරන වලට වඩා පින්තූරක් ගැනිමේදී ගොඩක් ලස්සන වෙන්නෙ විසිරුන පරාවර්ථනය වෙන ආලෝකය යොදා ගැනීම​. මෙතනත් වෙලා තියෙන්නේ ඒ දෙම නේද? ගස් නිසා ආලෝකය කෙලින්ම බිමට වැටිලා නෑ ගස් අතරින එන ආලෝකය වැටිච්ච තැන් හරිම ලස්සනට ආලෝකමත් වෙලා තියනවා.

    ReplyDelete
  2. jayawewa.hariyatama wisthara karala tiyenawa.

    ReplyDelete

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...