'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

වරෙල්ලා මේ රෑනේ... අපේම ලොවකට..




               ඡායාරූප ශිල්පයට කැමති හැමෝම එකතු වෙන්න අපිත් එක්ක​. "හිතට එන පුංචි සිතිවිල්ලක්, කාචයකින් මැවෙන කෝනයක් , කැමරාවකින් දකින ලෝකයක්" සමග 'ලෝවනයක්' එක්ක​.  ඡායාරූප ශිල්පය කැමති හැමෝම අපි ආරාධනා කරනවා 'ලෝවනය' එක්ක එකතු වෙන්න කියලා. 
                            "ලෝවන" කියන්නේ අලුත් දෙයක් කරන්න හදපු පුංචි උත්සහයක්. ජීවිතේ දවස් ගනන් ගෙවිලා ගිහිල්ලා, ඉස්සර වගේ නෙමෙයි අපි පුදුම විදිහට වගකීම් වලින් බැඳිලා ඉන්නේ. ඉස්සර යලුවො එක්ක පිස්සු නටපු කාලේ ගැනම් ඉතින් කියලා වැඩක් නෑ. ඒ කාලේ අපි හිටියේ හරිම සතුටින්, සතුටු වෙන්න කියලා මහලොකු දේවල් ජීවිතේට තිබ්බේ නැතත්‍ හැමවෙලාවෙම හිනා වෙවී හිටියේ හරිම නිදහසකින්. ඒ කාලේ කරපු හැම දෙයක්ම හරිම විනෝදයි. ඒ කාලේ අපි රුපියලක​ වැඩක් කරලා රුපියල් දාහක විතර හිනා උනා... දැන් රුපියල් දාහක් වියදම් කලත් රුපියලක සතුටු වෙන්න බෑ.  මොකද  අපිට දැන් සතුටු වෙන්න ඕන ලොකු දේවල්.  කාලේ  ටික ටික ගෙවිලා ගිහිල්ලා දැන් අපිට ඒ විනෝදාන්ශ මුකුත් නෑ.  Computer  එකම ජීවිතේ වෙලා. 
                                  පහුගිය කාලේ එක එක විනෝදාන්ශ තිබ්බත් හැමදේ ඉක්මනටම එපා වෙලා ගියා, මේ කාලේ ගොඩක් දෙනෙකුට හැදෙන රෝගක් වෙච්ච Photography  රෝගය මටත් හැදුනා. මේ වැඩේ ටිකක් රහ වැඩියි මොකද Face book     නිසා.  අනිත් එක පුංචි දෙයකින් ලොකු සතුටක් විදින්න පුලුවන් නිසා. එහෙම හැදිච්ච රෝගෙත් එක්ක තමයි "ලෝවනය" ඉපදුනේ. "ලෝවනය" තාම අත දරුවෙක් බඩ ගානවා විතරයි තාම ඇවිදින්න බෑ....

                                        මට ඕන උනේ අපේ රටේ සුන්ඳර තැන්, අපේ ජාතිය, අපේ  සංස්කෘතිය ගැන රූපමය මතකයක් එකතුකරල තියන්න. මොකද අපේ රටේ දෙයක් ගැන පින්තූරයක් හොයා ගන්න එක හරිම අමාරුයි එහෙම හොයා ගත්තත් එකෙ Quality  එකක් නෑ. අධ්‍යපන වැඩකට තියා සාමන්‍ය දෙයක  ඕන උනත් High resolution images හොයා ගන්නව කියන එක ලේසි දෙයක් නෙමෙයි.. මේ වැඩේ මට තනියෙම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි අපි හැමෝම එකතු වෙලා කරන්න ඕන දෙයක්  මේ දේ වටිනාකම ඉස්සට ගොඩක් දැනෙයි. අපි හැමෝම පින්තූර ගන්නවනේ, ඩිජිටල් කැමරාවක් පාවිච්චී කරන්නෙ නැතිකෙනෙක් දැන් නැතිම තරම්.

                    ඉතින් අපි මේ ගන්න පින්තූර වලින් අපි සතුටක් ලබන ගමන්ම  තව කෙනෙක් අධ්‍යපනිකව හරි වෙන දේකට හරි ප්‍රයෝජනයක් ගන්නවනම් ඒක ගොඩක් වටිනවා නේද? ඒක ලොකු සතුටක් නේද? අනිත් එක අපි ගන්න පින්තූරක් ගැන තව කෙනෙක් හොඳ නරක කියනවනම් ඒකත් කොච්චර වටිනවද? වැදගත්ම දේ, සිංහල  අමතක වෙලා තියන අපිට සිංහලෙන් පින්තූරේ ගැන විස්තරයක් දාන්න ලැබෙන එක.   'ලෝවනයේ'  විශේෂත්වය තමයි පින්තූරයක් නිකම්ම දාන්න බෑ පින්තූරේ ගැන විස්තරය​​ක් තියෙන්න ඕන. මොකද පින්තූරෙක තියෙන දේට වඩා අපේ හිතේ මැවිල තියනදේ වෙනස් වෙන්න පුලුවන් ඒ දේ විදින්නනම් පුංචි හරි විස්තරයක් තියෙන්නම් ඕන. 

                  ඉතින් මේ මහා වැල්වටාරම් ගොඩකින් කිවුවේ පින්තූර ගන්න කැමති පින්තූර විදින්න කැමති හැමොටම පින්තූර බෙදාගන්න කැමති හැමෝටම 'ලෝවනය' එක්ක එකතු වෙන්න කියලා..... පුංචි දේකින් ලොකු සතුටක් විදින්න​..... ...

ඔබගේ නම හා ඊ-මේල් ලිපිනය අපිට එවන්න අපිත් එක්ක එකතු වෙන්න​.
slnilanga@gmail.com


ජය වේවා..
~නිලංග සංජීව​~

1 comment:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...