'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

වෙසක් සිරිය​











                                    පුංචිකාලේ නම් අපිට හරිම ලස්සනට වෙසක් උදා උනා. ඒ කාලේ ගැන නම් තියෙන්නේ හරිම සුන්දර මතකයක්. වෙසක් මාසේ ඉතින් කූඩු වලින් තොර ලෝකයක් නැනේ, මට ඒ කාලේ ඉදන් තිබ්බෙ ඉලෙක්ට්‍රොනික් පිස්සුවක්නේ ඉතින් කූඩු වලට බලුප් හයි කරන එක තරන් ආස වැඩක් වෙන තිබ්බෙ නෑ.  වෙසක් එකට සල් උයනක් හදන එක අනිවාර්යම වැඩක්. ඒ සුන්දර අතීතයනම් දැන් පොඩි එවුන්ට ඇත්තෙම නෑ. මම කරන්ට් එක වද්ද ගත්තේ නැති වෙසක් එකක් තිබ්බෙම නෑ. හැම වෙසක් එකටම අනිවාර්යෙන් කරන්ට් එකනම් වද්ද ගන්නවාම තමයි මොකද දන්න වැඩ කෑලි ඔක්කොම දාන්න වෙන්නෙ වෙසක් එකටනේ. ගෙදරින් 230V වැඩ කරන්න අනුමැතිය හම්බවෙන්නේ වෙසක් එකට විතරයි. පුංචි කාලේ වෙසක් මාසේ බොහොම ලස්සනට ගෙවුනත් අපි ලොකු වෙනකොට ඒ හැමදේම නැතිවෙලා යනවා. නගරෙ සංකීර්ණත්වයට කොටු වෙච්ච අපිට හැමදේම අමතක වෙලා , අවුරුදු ගානකට පස්සේ මෙදා පාර වෙසක් එකට ගෙදර හිටියා. වෙනදට ඉතින් එක්කෝ දන්සලක් දෙනවා ,නැත්තන් දන්සලක් කනවා, එහෙමත් නැත්තන් වෙසක් බලන්න යන එකනේ කරන්නේ. මේ පාර ඔක්කොම අතඇරල දාලා ගෙදරට වෙලා හිටියා. දන්න කියන ඔක්කොම ඉංජීනේරු ශිල්පය දලා යන්තන් එක කූඩුවක් හදා ගත්තා... ගොඩක් කාලෙකින් කරපු වැඩක් නිසා මාර අමාරු උනා.  වෙසක් දවසත් එහෙමම ගෙවිලා ගියා. ඉතුරු උනේ මේ මතකයන් විතරයි.........



Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography

Camera Canon 60D 50mm 1.8D Lens
www.lowanaya.blogspot.com
Weerasinghe Photography

1 comment:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...