'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

සමනලයා


                                             මේ ඉන්නෙත් ගෙදරදී කැමරාවට අහුවෙච්ච පුංචි සමනලයෙක්. සමනයෙක්ගේ පින්තූරයක් ගන්න එක ලේසි වැඩක් නෙමෙයි. මොකද මූ එක තැනක ඉන්න එකක් ඈ, පිස්සු හැදිලා වගේ පියාඹනවා. හැබැයි මේ සමනල ජාතිය එච්චර කලබල නෑ, හිමින් සැරේ ලගට ගිහිල්ලා පින්තූරක් ගන්න පුලුවන්. මුලින්ම මම පින්තූරයක් ගන්න ගියේ සුදුපාට සමනලයෙක්ගේ ඌට නම් පිස්සු හැදිලා වගේ තමයි පියාඹුවේ මම ඉතින් උගේ ජාතිය අමතමින් උගේ පස්සෙන් එලෙව්වා,  ගේ වටේ වට තුනක්  විතර කැරකිලා මූ ගියානේ තාප්පෙන් එහා පැත්තට.  වැඩක් උනේ නෑ එක පින්තූරයක් වත් ගන්න බැරි උනා. කොහොම හරි දවස් ගානකට පස්සෙ මට මේ සමනලයව හම්බ උනා. පුංචි ගහක වහල ඉදිද්දී තමයි මේ පින්තූරේ ගත්තේ. පින්තූරේ බොඳවෙලා වගේ පේන්නේ ඒ වෙලාවේ තිබ්බ හුලඟ නිසා සමනලයා හිටපු ගහ හුලඟට නැමුනා. ඒක නිසා වටේම අමුතු විදිහට බොඳවෙලා වගේ ගියා.  සමනයට වැඩිය වට පිටාව කැපිලා පේන හින්දා පින්තූරේ එච්චරම සාර්ථක නම් නෑ ඒ උනාට හුලඟ නිසා ඇතිවෙච්ච අමුතු වට පිටාවට නම් මම හරිම කැමතියි...


Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography

Camera  HS20 EXR 
www.lowanaya.blogspot.com
Weerasinghe Photography

2 comments:

  1. patta patta uba wattha wate diwwata paduwak na. :)

    ReplyDelete
  2. නිලා, මේ කැමරා එකනම් නියමයි මචං ! PRO Quality එකට ෆොටෝ එක තියෙනවා... නියමයි !!!

    ReplyDelete

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...